BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • TIN Sri Lanka

    නොවැම්බර් 01 දා සිට TIN සහතිකය නැතිව කරන්න බැරි වැඩ මොනවා ද?

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ, '2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18ක් වන හෝ 18ට වැඩි සියලු ම වාසික පුද්ගලයින් මෙන් ම 2024 ජනවාරි 01 දින හෝ එදිනට පසු වයස අවුරුදු 18ට එළඹෙන වාසික පුද්ගලයින් (එම වයසට එළඹීමෙන් අනතුරුව) බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Tax Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්ය බව ය.

  • Adelle Overton looks lovingly at her boyfriend Steven Uden, who is smiling at the camera

    'නිදාගෙන සිටිද්දී මගේ සහකරු මාව දූෂණය කරනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ'

    ඇඩෙල් ඔවර්ටන්ගේ 13 වසරක පෙම්වතා වූ ස්ටීවන් ඌඩ්න්, යහපත් සහකරුවෙකු ලෙස පෙනී සිටියේ ය. ඔවුන් හමුවී තිබුණේ, සොම්බි චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර ය. ඔවුන් බොහෝ දේ සම්බන්ධයෙන් සමාන අදහස් දැරූ දෙදෙනෙකු වූ අතර, ඌඩ්න් කරුණාවන්ත සහ ආදරණීය කෙනෙකු බවත්, තමන් ආබාධිත තත්ත්වයට පත්වූ පසු තමා රැකබලා ගැනීම සඳහා ඔහු රැකියාව ද අත්හැර දැමූ බවත් ඇය පවසයි. "ඔහු අපූරු කෙනෙක්. මම ඔහුට ගොඩක් ආදරය කළා. මම තවමත් ටිකක් එහෙම කරනවා කියලා හිතනවා," ඩර්බිහි තම නිවසේ සෝෆාවක වාඩි වී සිටින ඔවර්ටන් පවසයි.

  • සුරේෂ් සලේ

    සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවූ දේ

    අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා තවදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත්, එහි මූලික කරුණු සලකා බැලීමෙන් පසු එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය කල් තබා ඇති බවත් ය.

  • Namal and Janaki

    නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

    "මෙම අල්ලස් මුදල මේ වන විට ඔස්ට්‍රේලියාවේ වාසය කරන නිමල් පෙරේරා නමැත්තාගේ බැංකු ගිණුමක් හරහා ලබා දී තිබෙන බවටත් කරුණු හෙළි වුණා. ජීවිත තර්ජන හේතුවෙන් නිමල් පෙරේරා නමැත්තා මේ වන විට ඔස්ට්‍රේලියාවට ගොස් එහි වාසය කරන අතර තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවටත් ඔහු දැනුම් දී තිබෙනවා"

  • වර්ෂාව නිසා කුඩ දෙකක් ඉහළ ගෙන පාර පනින පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක්. ඒ අසල ත්‍රිරෝද රථයක් දක්නට ලැබේ.

    වැසි අඩු වන්නේ කවදා ද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැහැදිලි කරයි

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන් ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙටි වීඩියෝ මඟහරින්න සහ කරන්න

කෙටි වීඩියෝ

  • ගොඩනැගිලි අතරින් ගිනිකෙලි සංදර්ශනයක් පෙනේ.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි 25 දෙනෙකු බේරාගත් අයුරු
  • මාර්ගයක සටන් පාඨ කියමින් ගමන් කරන පිරිසක් පෙනේ.
  • ඇමෙරිකානු සහ චීන ජනාධිපතිවරු රතු පලස මත ගමන් කරයි
  • පාසල් යන පිරිමි ළමුන් දෙදෙනෙක් කුඩා ඉහලාගෙන යන අතර ඊට පහලින් කාන්තාවක් කතා කරන ආකාරය පෙනේ.
  • තට්ටු නිවාසයක ගස් සිටුවා ඇති ආකාරය පෙනේ.
  • බස් රථයක විදුරුවේ දැල් අතරින් පුද්ගලයින් දෙදෙනෙක් පෙනේ
  • හිසෙහි කැමරාවක් සවිකර අගත් කාන්තාවක් බිම අතු ගානවා පෙනෙයි
  • 'මේක අපි අවුරුදු හතක තිස්සේ බලාගෙන හිටපු දෙයක්'
  • Easter Sunday Attacks
  • කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අධිකරණය අසල තත්ත්වය
  • ඔස්ට්‍රේලියාව විසා නීති දැඩි කර ඇත්තේ ඇයි?

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ස්ථානගත කර ඇති ඉරානයට අයත් නෞකා

    'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ

    “ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”

  • නාමල් රාජපක්ෂ

    එයාර් බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂට ඇප ඉල්ලීමේදී ඉදිරිපත් වූ කරුණු

    SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 18) නියම කළේ ය.

  • දරුවන් දෙදෙනෙකු සමග සිටින නිලධාරියෙක්

    දරුවන් සම්බන්ධ රැකියාවක් අවශ්‍ය නම් මේ සහතිකය අනිවාර්ය යි? එය ලබාගන්නේ කෙසේ ද?

    දරුවන් සමග ඍජුව සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ළමුන් පිළිබඳ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවෙකු නොවීම එම රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් ලෙස නම් කිරීමට රජය පියවර ගනිමින් සිටියි. තව ද, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින දරුවන් සමග සම්බන්ධ වන රැකියාවල නිරත රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ රැකියාව ඉදිරියට කරගෙන යාමේදී මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.

  • ඔස්ට්‍රේලියානු ධජය සහිත ඡායාරූපයකි

    වීසා නීති දැඩි කිරීම ගැන ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයින් බීබීසීයට කතා කරයි: 'ඉස්සරහට එන්න ඉන්න ළමයින්ට එන්න එපා කියන්න තමා හිතෙන්නේ'

    ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සිසුන්, 'වීසා හොපර්ස්' (නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටීමට වීසා මාරු කරන්නන්) සහ බැක්පැකර්වරුන් ඉලක්ක කර ගනිමින් බ්‍රහස්පතින්දා දිනයේදී වඩාත් දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරන ලදී.

  • TB Sarath

    දරුවන් 'නුසුදුසු ලෙස ස්පර්ශය': විවේචන ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් බීබීසීයට පැවසුවේ කුමක් ද?

    හොඳ ස්පර්ශය (proper touch) සහ නරක ස්පර්ශය (improper touch) යන සංකල්ප පිළිබඳව මේ වන විට සමාජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ය. මෙම විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් බීබීසී සිංහල විමසීය.

ජනප්‍රිය ලිපි